ඌව පළාත් මන්ත්‍රීවරුන්ගේ රුසියා ගමන ජනපති නියෝගයෙන් නවතී


(ඩී.කේ.රත්න )


ඌව පළාත් සභාවේ ජනතා විමුත්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා හැර අනෙක් මන්ත‍්‍රීවරුන් තිස් දෙදෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද එම සංචාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා අද (19) පැවසීය.


රුසියාවේ මාර්ග සංවර්ධන අධ්‍යයන චාරිකාවක් සදහා ඌව පළාත් සභවේ මන්ත‍්‍රීවරුන් තිස් හතර දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද ඌව පළාත් සභාව මෙ වන විට මුහුණ පා ඇති දැඩි මූල්‍ය අර්බුධකාරී තත්වය මත මෙම සංචාරයේ නිරතවීමට ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා කටයුතු නොකළ අතර දැඩි මූල්‍ය අර්බුදකාරී තත්වය මත  අනෙක් මන්ත‍්‍රීවරු තිස් දෙදෙනාද සහභාගීවීම පිළිබදව දැඩි විරෝධය දැක්වූහ.


කෙසේ වෙතත් මේ වන විට මෙම සංචාරය නතර කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දීම සදහා කිසිදු මන්ත‍්‍රීවරයෙකු මෙම සංචාරයේ නොයෙදෙන බවත් පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨයෙක් මෙම සංචාරය සැළසුම් කළ බවත් ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා  පැවසීය.