ඌව නෙක්ස්ට් ලකුණු 160 යි


එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ඌව නෙක්ස්ට් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත් විය. විස්සයි-20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින ඩිල්ෂාන් මුණවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 35 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළේය. ඌව නෙක්ස්ට් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 160 (ඩිල්ෂාන් මුණවීර 45, උපුල් තරංග 10, තිළිණ කණ්ඩම්බි 33, ශිවනරින් චන්ද්‍රපෝල් 23, ජේකබ්  ඕරම් 15, ශාමින්ද එරංග 25/2, කනිෂ්ක ඇල්විටිගල 35/2) මුණවීරගෙන් අලංකාර පහරක්...