ඌව නෙක්ස්ට් පිලෙන් ලකුණු 172 ක ඉලක්කයක්
මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ වාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ඌව නෙක්ස්ට් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට සමත් විය.
නවසීලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක ජේකබ් ඕරම් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 17 කදී හතරේ පහරක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය. කොදෙව් පිතිකරු ශිවනරින් චන්ද්‍රපෝල් පන්දු 41 කදී නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය.
ඌව නෙක්ස්ට් පිල ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 171 (ඩිල්ෂාන් මුණවීර 23, තිළිණ කණ්ඩම්බි 29, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 50, ජේකබ් ඕරම් 41, අබ්දුල් රසාක් 17/2)

