ඌව නෙක්ස්ට් පිලට ලකුණු 137 ක ඉලක්කයක්


තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් නැගෙනහිර නාගාස් පිල  ඕවර 15 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 134 ක් රැස්කිරීමට සමත් විය. ඌව නෙක්ස්ට් පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ජයග‍්‍රණය ස`දහා ලකුණු 137 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. වර්ෂාව නිසා තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉනිමක්  ඕවර 15 කට සීමා විය. ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 27 කදීහතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් රැුස්කරමින් නැගෙනහිර පිල ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් විය. දිල්හාර ප‍්‍රනාන්දු යැවූ ඉනිමේ 13 වැනි  ඕවරයට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22 ක් (4,6,4,0,4,4) රැස්කිරීම කැපී පෙනුණි. නැගෙනහිර නාගාස් පිල  ඕවර 15 කදී කඩුලූ 4 ට 134 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 73) ඡායාරූපය: ශාන්ත රත්නායක මැතිව්ස්ගෙන් වේගවත් පහරක්..