ඌව නෙක්ස්ට් ක‍්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. ශූරතාව දිනති


ඌව නෙක්ස්ට් පිල එස්.එල්.පී.එල්. පළමු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (31) රාත‍්‍රි පැවැති අවසන් මහ තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවූ ඌව නෙක්ස්ට් පිල ලකුණු 19 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ නැගෙනහිර නාගාස් පිල පරාජය කළේය. ලකුණු 137 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ඉලක්කය වෙනුවෙන් ඉනිම ඇරඹු ඌව නෙක්ස්ට් ඉනිමේ හයවැනි  ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් අනතුරුව නැවතත් වර්ෂව ඇදහැළීම නිසා තරගය අත්හිටුවීය. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 5.1 කදී එක කඩුල්ලක් දැවී ජයග‍්‍රහණය ස`දහා ලබාගත යුත්තේ ලකුණු 44 ක් පමණි. මෙම ජයග‍්‍රහණයත් සමග ඌව නෙක්ස්ට් පිලට ලබන ඔක්තොම්බර් මස දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ‘චැම්පියන්ස් ලීග්’ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය. ඌව පිලේ ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 23 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. නැගෙනහිර පිල නියෝජනය කළ වේග පන්දු යවන ක‍්‍රීඩක ශාමින්ද එරංග තරගාවලියේ වීරයා වෙමින් නවීණ මෝටර් රථය හිමිකර ගත්තේය. වර්ෂාව නිසා තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉනිමක්  ඕවර 15 කට සීමා විය. නැගෙනහිර නාගාස් පිල  ඕවර 15 කදී කඩුලූ 4 ට 134 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 73) ඌව නෙක්ස්ට් පිල  ඕවර 5.1 කදී කඩුලූ 1 ට 63 (ඩිල්ෂාන් මුණවීර නොදැවී 44, සීකුගේ ප‍්‍රසන්න නොදැවී 15) ඡායාරූපය: ශාන්ත රත්නායක මුණවීරගෙන් හයේ පහරක්...