දිවුලපිටිය වල්පිට ,උල්ලලපොළ ,මා බෝදල හා විතානමුල්ලේ කුඹුරු අක්කර එකසිය අටක් වසර දහයක් තිස්සේ වගා කිරිමට නොහැකි වු හේතුවට සතියකින් පිළියම් යෙදිමට ගම්පහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හංචාපොළදී පැවති රැස්වීමකදී තිරණය විය.
තනි පුද්ගලයකු සතු ඌරු කොටුවකින් ගලා යන අපද්‍රව්‍ය වලින් ගම් කිහිපයක් පිඩාවට පත්ව ඇතැයිද ඌරු කොටුව සෞඛ්‍ය ආරක්ෂක නීති රැක නැතැයිද සාකච්ඡාවට සහභාගීවු වැඩි දෙනාගේ මතය විය.
තම ඌරු කොටුව සතියකින් ඉවත් කැර ගන්නා බවට හිමිකරු සුජිත් නිරෝෂණ පෙරේරා මහතා පවසද්දී රැස්ව සිටි පිරිස අත්පොළසන්දී සතුට පළ කළහ. ඌරන් විකුණා කඩින් කඩ ඌරු කොටුව ඉවත් කිරීමට ඔහුට අවසර ලැබිණි.
මේ විසඳුම සමඟ උද්ඝෝෂණයද අවසන් විය.