උ‘මැද නිලධාරීන් තිදෙනකු කාමරයක සිර කරති


(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරීවරයා , පරිපාලන නිලධාරියා හා ගණකාධිකාරීවරයා එහි සේවකයින් විසින් කාරමයක රඳවා සිර කරනු ලැබ තිබේ.

එම නිලධාරින් අදාළ කාමරයේ රඳවා තබා සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ මස 01 වැනි දා සිට මහා මාර්ග දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීම නිසා මීට පෙර අධිකාරිය මගින් ගෙවනු ලැබූ දීමනා නොලැබීම නිසා මෙලෙස කළ බව විරෝධතාකරුවෝ පැවසූහ.