(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිදාරිහූ පිරිසක් ගුරු පත්විම් සහ සංවර්ධන නිලධාරි තනතුරු ඉල්ලා අද (27) උදැසන සිට පළාත් සභා සංකිර්ණය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් උද්ඝෝණයක නිරතව සිටිති.
පසුගිය වසරේ පාසල් සහ රජයේ කාර්යාල සදහා ගුරුවරුන් සහ සංවර්ධන නිලධාරින් බදවා ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ පැවැත්වුවද එහිදි සුදුසුකම් ලැබු උතුරු මැද පළාතේ උපාධීදාරින්ට රැකියා ලබා නොදි පිට පළාත්වල පුද්ගලයන්ට රැකියා ලබාදි ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
ඊයේ (26) දිනයේද ඔවුහු පළාත් සභා සංකිර්ණය තුළ උද්ඝෝණයේ නිරතවුහ.




ඊයේ විසඳුමක් නොලද බැවින් විසඳුමක් පතා අද උද්ඝෝෂණයේ නිරත වන බව විරෝධතාකරුවෝ කීහ.
පළාත් සභා සංකිර්ණය ඉදිරිපිට සහ ආසන්නයේ මේවන විට පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

