උසේන් බෝල්ට් මීටර 200 රන් පදක්කම දිනයි


ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. ඔලිම්පික් කී‍්‍රඩා ඉතිහාසයේ මීටර 100 සහ 200 ඉසව් දෙකේම රන් පදක්කම් පිටපිටම දෙවරක් දිනූ පළමු කී‍්‍රඩකයා බවටද බෝල්ට් පත්විය. බෝල්ට් මීටර 200 ඉසව්ව තත්පර 19.32කින් නිම කෙළේය. ඉසව්වේ පදක්කම් තුනම ජැමෙයිකාවට හිමිවිය.