උසේන් බෝල්ට් ඔලිම්පික් වාර්තාව අලූත් කරමින් මීටර 100 රන් පදක්කම දිනාගනී
ජැමෙයිකාවේ උසේන් බෝල්ඞ් සිය ඔලිම්පික් වාර්තාව තවත් ඉදිරියට ගෙනයමින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම පිට පිටම දෙවැනි වරටත් දිනා ගැනීමට අද (06) අලූයම සමත් විය.
මීටර 100 පිරිමි ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම පිට පිටම දෙවරක් දිනූ දෙවැනි ක‍්‍රීඩකයා බවට ද උසේන් බෝල්ට් පත්විය. බෝල්ට් 2008 බීජින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 පිරිමි ඉසව්ව තත්පර 9.69 කින් නිම කරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
එහිදී බෝල්ට් තත්පර 9.63 ක කාලයකින් තරගය නිම කිරීමට සමත් විය. දෙවැනි ස්ථානය ලැබූ ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් තත්පර 9.75 කින් ද, තෙවැනි ස්ථානය ලැබූ ඇමරිකාවේ ජස්ටින් ගැටින් 9.79 කින් ද තරගය නිම කිරීමට සමත් වූහ.
අසූව දශකයේ හිටපු ලෝක කෙටි ධාවන ශූරයා වූ ඇමරිකාවේ කාල් ලූවිස් 1984 සහ 1988 ඔලිම්පික් තරගාවලිවලදී පිට පිටම මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා තිබේ.

