උසේන් බෝල්ට් ඔලිම්පික් වාර්තා පොත අලූතින් ලියයි
ජැමෙයිකානු සුපිරි කෙටි ධාවන ශූර උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 4-100 ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා වසර 108 ක ඔලිම්පික් ඉතිහාසයේ මීටර 100, 200 සහ මීටර 4-100 ඉසව් තුනේම රන් පදක්කම් පිට පිටම දෙවරක් දිනූ පළමු ක‍්‍රීඩකයා බවට පත්විය.
උසේන් බෝල්ට් මේ වන විට මීටර 100 (තත්. 9.58), මීටර 200 (තත්. 19.19) සහ මීටර 4-100 (තත්. 36.84) යන ප‍්‍රධානම කෙටි ධාවන ඉසව් තුනේම ලෝක වාර්තාවට හිමිකම්කීම කැපී පෙනේ.

