වයඹ පළාත් සභා ඡන්දයේ ඡන්ද පත්‍රිකා පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලේ මධ්‍යස්ථානයේ ගණන් කිරීමෙන් දින දෙකකට පසුව ඡන්ද පත්‍රිකා තොගයක් සොයා ගත් දිනයේ දී තේරීම් භාර නිලධාරී කිස්ලි ප්‍රනාන්දු මහතාට බැනවැදී අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති අශෝක වඩිගමංගාව හා හිටපු පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් කමුර්දීන් අධිකරණයට කැඳවීමට සිතාසි නිකුත් කරන්නැයි පුත්තලම පොලිසිය අද කළ ඉල්ලීම පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉවත දැමීය.
සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැතැයි මහේස්ත්‍රාත් පොලිසියට පැවසීය.
ඔවුන් වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකියැයි මහේස්ත්‍රාත්වරයා පොලිසිය දැන්වීය.