උසාවිය හිර ගෙදරින් එඩ්ස් වාර්තාවක් ඉල්ලයි
මියගිය ඒඩ්ස් රෝගියකු සමග කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි බවට සැක කැරෙන සිරකරුවන් 220 දෙනකුගේ ලේ පරීක්ෂා කැර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. හෙරෝයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කොට සටි සැකකරුවකු ඒඩ්ස් හැදී බන්ධනාගාර රෝහලේ දී මිය යෑමේ සිද්ධියක් අධිකරණය හමුවේ කැඳැවූ අවස්ථවේ මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

