උසාවි අඩපණ වේ


අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ද, උතුර, උතුරුමැද, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර සෙසු උසාවි කටයුතු කිසිවක් සිදු නොවීය. මහේස්ත්‍රාත් උසාවියේ සිට ඉහළම උසාවිය දක්වා අධිකරණවල නීතීඥවරුන් වැඩවර්ජනය කිරීම ඊට හේතුවයි. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් අලුත්කඩේ ද, තවත් ප්‍රදේශ කිහිපයක නීතීඥවරු විරෝදතා පෙළපාලිද පැවැත්වූහ. පානදුර උසාවිය ඉදිරිපිට දැන්වීමක් අලවා තිබුනේ නීතීඥවරුන්ගේ වර්ජනය නිසා සියලු නඩු 19 වැනිදා දක්වා කල් දැමූ බවයි. අලුත්කඩේ විනිසරුවරු අද සියලු නඩු කල් තැබූහ. සෙසු පළාත්හි ද, සියලු නඩු කල් දැමීය. බලපිටිය උසාවියේදී........ (වීඩියෝව වැලිගොඩගේ දීපාල්) අනුරාධපුර ගල්කිස්ස හොරණ ගල්ගමුව ත්‍රිකුණාමලය ගලිගමුව ඇඹිලිපිටිය අත්තනගල්ල