(ඉන්දිකා රාමනායක )
උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කර ඇති යොවුන් පාර්ලිමේන්තු වැඩසටහනේ උතුරු පළාතේ මන්ති‍්‍රවරයකු අද (22) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.
සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
මෙම සිසුවිය විභාගට ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
මුලතිව් පාසලක සිසුවියක වන ඇය ඉකුත් 19 දින උසස් පොළ විභාගය නිමවී නිවෙස බලා යමින් සිටියදී මෙම සැකකරු වෑන් රථයකින් හා යතුරු පැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ සිසුවිය පැහැරගෙන ගොස් පලෙයි කෑලෑ ප‍්‍රදේශයක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.
සැකකාරි මන්ති‍්‍රවරයා පෙරේදා (20) පෙරවරුවේ මෙම සිසුවිය මුදා හැර ඇති අතර ඇය නිවසට ගොස් ඥාතීන් සමග පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළ බව පොලිසිය කියයි.