( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැනඩාවේ උසස් අධ්‍යාපනය හැදැරීමට අවස්ථාව ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ දෙහිවල ගාලු පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක් වටලා එහි කළමණාකාරවරිය අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආයතනය තුළ තිබු අන් සතු විදෙස් ගමන් බලපත් 30 ක් ව්‍යාජ ලිපිලේඛන ඇතුළත් ගොනු 36 ක් ,පරිගණක දෙකක්, ස්කෑනර් යන්ත්‍ර දෙකක්,ව්‍යාජ නිල මුද්‍රාවක් ජංගම දුරතකයක් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන අංශ නිලධාරීන්ගේ බාරයට ඇත.
මේ අයුරින් රට යාමේ අදහසින් රුපියල් දස ලක්ෂ අනුපන්දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ හතලිස් එක් දහසක මුදලක් ලබා දුන් කැලණිය තරුණියක සහ වත්තල තරුණයකු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන අරඹා එහි කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

