(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
උමාඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයෙන් අගතියට පත්වූ ජනතාවගේ පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස කරන ලද පානීය ජල සැපයීමේ ව්‍යාපෘති ලබන ජූලි 30 වැනි දිනට පෙර අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජල සම්පාදන හා ජල ප‍්‍රවාහන මණ්ඩලයට අද(29) උපදෙස් දුන්නේය.
එම ජනතාවට පානීය ජල පහසුකම් ලබා දීම සඳහා ජල ව්‍යාපෘති දෙකක් දියත් කර ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසුව අධිකරණය මෙම උපදෙස් ලබා දෙන ලදී.
එහිදී අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ එසේම එම ව්‍යාපෘතිය නිසා වගා හානියට ලක්වූ ගම් වැසියන්ට වන්දි ලබා දීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියාසත් ඩෙප් , ප‍්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන මහත්වරුන් ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහිදී මෙම දැනුම් දීම කරන ලදී.

