උපාලි පිලපිටිය කළුරිය කරයි


කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ උපාලි පිලපිටිය (64) අභවප්‍රාප්ත විය.

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ද වූ පිලපිටිය මහතා බොරැල්ල ආයුර්වේදයේත්, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේත් අධ්‍යක්ෂවරයෙක් ද විය.

භගන්දරා රෝගයට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයකු වශයෙන් ද ඔහු හැඳින්විණි.