(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවට කඩා වැදුණු රැකියා විරහිත උපාධි ධාරීන් 400 ක පමණ පිරිසක් අද (2) පළාත් ප්‍රධාන ලේකම්වරයා ගේ කාර්යාලයට යෑමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තේය.
ප්‍රධාන ලේකම්වරයා හමුවට පැමිණි ඔවුන් කියා සිටියේ ප්‍රශ්නය විසඳන තුරු ඉන් ඉවත් නොවන බවයි. ලේකම්වරයාගේ කාර්යාලයට කඩා වැදුන ඔවුන් එම කාර්යාලය තුලට වෙනත් කිසිවකුට ඇතුල් විය නොහැකි පරිදි දොරගුළු දමා ලේකම් වරයා සමඟ සාකච්ඡා කලද විසදුමක් ලැබී නැත.
ප.ව.2.00 ට පමණ මේ පිළිබඳ ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කිරීමට යැයි පවසා ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.බණ්ඩාර මහතා සමග උපාධිධාරින් කීපදෙනකු ඉන් පිටත්ව ගිය අතර උද්ඝෝෂකයන් පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයතුල රැඳී සිටිනු දක්නට ලැබුණි.



