උපාධි කත එක ඉඩම 40කට විකුණලා


පූගොඩ ඕවිටිගම ප‍්‍රතාපකන්දේ අක්කර පහමාරක් 41 දෙනෙකුට විකුණා ඉන්දියාවට පලා ගොස් සිටි බව කියන 36 හැවිරිදි කතක් කටුනායක ගුවන් තොටේදී අද අත්අඩංගුවට ගනු ලැබීය. ඇය උපාධිධාරිනියකියි කියති. 2007 සිට වරින් වර ඇය මේ ඉඩම නුගේගොඩ, මහරගම, පූගොඩ, කොස්ගම, මොරටුව හා හෝමාගම ව්‍යාපාරිකයන්ට විකුණා ඇතැයි රහස් පොලිසියටද පැමිණිලි ලැබී තිබිණි. ගම්පහ ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයයේ කිසියම් පිරිසකගේ සහායද ඇයට ලැබී ඇද්දැයි පොලිසිය සොයයි.