උපවාස පිට උපවාස


බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයත් ඒ ආසන්නයේ පිහිටි විශ්ව සමාධි ධර්මායතනයත් අතර  පවත්නා ආරවුලට සම්බන්ධ සියලු පාර්ශව  බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට බදාදා(18) කැඳවා ඇත.

බුද්ධ ශාසන අමාත්‍යංශය හා පොලීසියද ඊට සහභාගී වීමට නියමිතය.

 ධර්මායතනය පසුගිය 12 වැනිදා ගිනි තැබිණි.

මෙම පන්සල යළි ඉඳි නොකරන්නැයි  ඈගල්ල සුනන්දාරාමාධිපති නවදගල චන්ද්‍රසිරි හිමි අද තුන්වැනි දිනයටත් උපවාසයේ යෙදී සිටීති.

දිවලකඩ විහාරාධිපති  ඤාණසාර හිමියෝද  බුලත්සිංහල නන්දසාර හිමියෝද ඒ හිමියන්ගේ සහයට  අද (17) උපවාසයට එක් වුහ.

 විශ්ව සමාධි ධර්මායතනයේ පැවැත්ම සහතික කරන ලෙස ඉල්ලමින්  වෑවල සීලරතන හිමියෝද අද උපවාසයක් ඇරැඹුහ.