උපන් දින සාදයේදී මිතුරා වෙනුවෙන් දිවි පුදයි


රාජාංගනය යාය එකේ නිවෙසක උපන් දින සාදයකට ආ තුවක්කුකරුවකු  උපන් දිනය සැමරූ 29 හැවිරිදි වැසියකුට වෙඩි තබා මරා  පළා ගිය බව පොලිසිය කියයි. තුවක්කුකරු ජනක නම් පුද්ගලයකු  සොයාගෙන පැමිණි බවත් මුලින්ම හමුවූ ගෙහිමියාගෙන් ඔහු ජනක දැයි අසා වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසයි. තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති උපාලි සෙනෙවිරත්න මහතා පරීකෂණ පවත්වයි.