උපදේශකට පිහි පාර
වෙරෝනා නුවර ජීවත් වන විදේශිකයන්ගේ ගැටළු සඳහා උපදේශක සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයකුට (55) තවත් ශ්‍රී ලාංකිකයකු හතර පොළකට පිහියෙන් ඇන බරපතපල තත්ත්වයෙන් වෙරෝනා මහ රෝහලට ඇතුළු කරනු ලැබීය.
සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බව වෙරෝනා පොලීසිය කියයි. මෙයට පෙරද වෙරෝනා බෞද්ධ විහාරස්ථානය බිඳ සල්ලි පැහැරගැනිමේ වරදට අධිකරණය හමුවේ වරදකරු වූයේ ද රාජාංගනයෙන් ඉතාලියට පැමිණි මෙම සැකකරු බව පොලීසිය පවසයි.

