රජරට විශ්වවිද්‍යාල අවුල මින් මද වේලාවකට පෙර අවසන් විය. සිසුන්ගේ පන්ති තහනම ගැන ආචාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ විසඳුම ලබන 10 දා පාලනාධිකාරී රැස්වීමට ඉදිරිපත් කැර ලිහිල් දඬුවමක් පැණවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ම එකඟත්වයක් ඇතිවිය. එතෙක් පැය 20ක් පමණ සිසු අත්අඩංගුවේ පසුවූ උපකුලපති ඇතුළු පිරිස අතහැර සිසුහු ඉවත්වූහ.
ඒ සමඟම කැරලි මර්දන පොලිසිය ද සරසවියෙන් ඉවත්ව ගියේය. විශ්වවිද්‍යාලය යළි විවෘත කරන දිනය ගැන අද තීරණයක් ගැනීමට නියමිත

