උප ඇමැති සරණට උසාවියෙන් අවවාද
නිට්ටඹුව හොරගොල්ලේ ඉදිකැරගෙන යන නිවාස සංකීරණයට බලයෙන් ඇතුළු වී තර්ජනය කර අලාභ කළහොත් ඇප අවලංගු කැර රිමාන්ඩ් කරන බව අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් බී.ඩී. රුවන් සිසිරකුමාර මහතා ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු 17 දෙනකුට අද තරයේ අවවාද කෙළේය. කොළඹ වෝඩ් පෙදෙසේ පෞද්ගලික සමාගමක වැඩ බිමට පැන අලාභ කළැයි නිට්ටඹුව පොලිසිය මෙම නඩුව පවරා තිබිණි.

