ධන කුවේරයන් පිරිසක් හා ඇතැම් දේශපාලනඥයන් ශ්‍රී ලංකාවේ කැලෑවල වසන අලි ඇතුන් සොරකම් කිරීමේ යෙදී සිටිතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ පරිසර උත්සවයක දී පැවසීය.
ධනය, කීර්තිය හා බලය තව තවත් හිමි කැර ගැනීම අලි හොරකමේ අරමුණ බව ද ඔහු කීවේය.

