උදේෂ් - රෙබෙකා ද්විත්ව ශූරතා දිනති


ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ ‘ලංකා ප්ලේට්’ ආධුනික කැරම් තරගාවලියේදී (2012) උදේෂ් චන්දිම සහ රෙබෙකා ඩැල්රින් ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුහ. මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි කැරම් සංගම් ශාලාවේදී පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 280 දෙනෙක් සහභාගි වුහ. උදේෂ් චන්දිම පිරිමි කේවළ සහ යුගළ ඉසව් දෙකම ජයගත් අතර රෙබෙකා කාන්තා කේවළ සහ යුගළ ඉසව් දෙකම ජය ගත්තාය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයේදී උදේෂ් චන්දිම විසින් නුවන් ඉන්දික (25/24, 25/2) පරාජය කරන ලදී. අවසන් පුර්ව වටයේදී චන්දිම හමුවේ සුජීව ලසන්ත (25/5, 25/18) ද, නුවන් ඉන්දික හමුවේ එච්. හතීම් (11/25, 25/8, 25/0) ද පරාජය වුහ. රෙබෙකා සහ ළිහිණි ඇන්ජලිකා අතර පැවැති කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයෙන් රෙබෙකා (25/7, 25/0) පහසු ජයක් ලැබුවාය. කාන්තා අවසන් පුර්ව තරගවලදී රෙබෙකා විසින් ජෝශප් දිල්කා (25/17, 25/25, 25/13) ද, ළහිණි ඇන්ජලිකා විසින් සදිනි නිරාෂා (24/25, 25/22, 25/17) ද පරාජය කරන ලදී. සෙසු තරග ප‍්‍රතිඵල:
  • පිරිමි යුගළ ඉසව්ව
උදේෂ් චන්දිම සහ හසිත අනුරුද්ධ විසින් චරිත් මධුෂංක සහ එම්. දයානන්ද පරාජය කරන ලදී. (25/10, 10/25, 25/0)
  • කාන්තා යුගළ ඉසව්ව
රෙබෙකා ඩැල්රින් සහ හෂිනි දිල්රුක්‍ෂි විසින් සුචිනි ශෂිකලා සහ ඞී.පබසරා පරාජය කරන ලදී. (25/21, 18/25, 25/18)