උදුල් ප්‍රේමරත්න අත්අඩංගුවට


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ද, ජනඅරගල ව්‍යාපාරයේද ක්‍රියාකාරිකයකු වන නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුනේ ආධාරකරුවන් පිරිසක් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයකු කියනුයේ උදුල් ප්‍රේමරත්න මහතා ද ප්‍රහාරයට ලක්ව ඇති බවයි.