රංජන් කස්තුරි සහ ඩයනා උදයංගනී
සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව එම සංගමය කියයි.
වැඩ වර්ජනය පැවැතිය ද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද වෛද්‍යවරු පවසති.
සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර ඔවුහු සෞඛ්‍ය අමාත්‍යංශය තුළට කඩා වැදුණහ. සිසුන් පළවා හැරීමට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබිණි. සිසුන් විසිරුවීමේදී තුවාල ලැබූ 90 දෙනෙක් අද රාත්‍රී වන විට රෝහල් ගත කර තිබුණු බව කොළඹ ජාතික රෝහල කියයි.

