(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 54.2 දක්වා පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.
ජනවාරි මස උද්ධමනය දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 3 පහළ ගොස් තිබේ.
එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස ආහාර උද්ධමනය ද සියයට 60.1 ක් දක්වා පහළ ගොස් තිබේ. එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.3 ක පහළ යාමකි.
ජනවාරි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මසට සාපේක්ෂව සියයට 2.4 කින් පහළ යමින් සියයට 51ක් ලෙස වාර්තා වී තිබේ.

