උද්ඝෝෂණයේ නිරත රැඳවියන්ට පාර්සල් 17 ක් එළියෙන්


(  ජයන්ත සමරකෝන් )

බන්ධනාගාර වහළය මත රැදී   උද්ඝෝෂණයේ   නිරතව සිටින  රිමාන්ඩ් බන්ධනාගාර  කාන්තා රැඳවියන්ට   ලැබුණු  පාර්සල් 17ක් බන්ධනාගාර නිලධාරීන්  භාරයට ගෙන තිබේ.

වනාතමුල්ල, සීවලී පටුමග  දෙසින් බන්ධනාගාර තාප්පයෙන් ඇතුලට යම්කිසි පුද්ගලයින් පිරිසක්  මෙම පාර්සල්  රැදවියන්ට ලබා ගැනීමට විසි කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

කිරි පැකට්, බනිස් ඇතුළු ආහාර වර්ග  මෙම පාර්සල්වල තිබී සොයාගෙන  තිබේ. එම ස්ථානයනිහි රාජකාරී කටයුතුවල නියැලෙමින් සිටි නිලධාරීන් එම පාර්සල් රැදවියන්ගේ අතරට යාමට නොදී සිය බාරයට ගැනීමට කටයුතු කර තිබේ.