උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්


පැය විසිහතරකට වැඩි කාලයක් අවහිර කරගෙන සිටි අම්පාර කල්මුණේ පාරේ මාර්ග බාධක ඉවත්කිරීම කැරළි මර්ධන පොලීසිය මින් මද වේලාවකට පෙර ඇරැඹීය.

පාරෙන් ඉවත්නොවී විරෝධය පාමින් සිටි පිරිස් කඳුළු ගෑස් ගසා විසිරවීමට ද සිදුවිය. නින්දවුර් නගරයේ බාධක ඉවත්කරමින් පොලීසියේ 500 ට වැඩි පිරිසක් ඉදිරියට යති. පොලිස් විශේෂ කාර්ය බලකායට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් මේ උද්ඝෝෂණය ඇරැඹීය.