උදර සෙම්ප්‍රතිෂ්‍යාව ජපානෙටත්


ජපානයේ දකුණු යොකොහමා නගරයේ  සීත කාලයේදී බහුලව පැතිරී යන වෛරසයක් හේතුවෙන් ජපන් ජාතිකයන් සතර දෙනකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බවත්, තවත් සිය දෙනකු රෝහල් ගත කැර ඇති බවත් ජපාන ආරංචි කියයි.

ශ්‍රී ලාංකිකයෝ වැඩි දෙනක් එහි සේවය කරති.

ජපාන නිල වාර්තා අනුව මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ රුධිර පද්ධතියේ රෝගී තත්ත්වයක් උත්සන්නවීමෙන් ඇතිවන්නා වූ පාචනය, වමනය, සෙම්ප්‍රතිශ්‍යාව හා නිව්මෝනියාවයි. මෙම රෝගී තත්ත්වය හඳුන්වන්නේ නෝරෝවෛරසය (උදරයේ සෙම්ප්‍රතිශ්‍යාව) යනුවෙන් බව යොකොහමා රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය සෙයිජි ෂිබුයා මාධ්‍ය හමුවේ පැවැසීය.

අපිරිසුදු ආහාර, බීම, මනා ලෙස නොතැම්බුණු බෙල්ලන් අමු පලතුරු හා එළවළුවලින් මේ වෛරසය පැතිර යා හැකිය.

එම වෛරසය ඇති දෙයක් අල්ලා නාසය ඇල්ලීමෙන් ද වෛරසය ශරීර ගත වෙයි.

අපිරිසිදු ආහාර ගත් පුද්ගලයකුගෙන් මෙම වෛරසය තව කෙනෙකුට බෝවිය හැකියි.

එමගින් කෑම වර්ග බහා ලූ බඳුන් වලින් ද බෝවිය හැකිය.

රෝග මර්දනයේ සහජ හැකියාව අඩු අයට ලේසියෙන් මේ රෝගය බෝ විය හැකියි.