උදයංග වීරතුංග 11 තෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)