උතුරේ සරණාගතයනට ඔස්ට්‍රේලියාව අන්දන්න බෑ
ඔස්ටේ‍්‍රලියාවේ නිළධාරීන් අවධියෙන් සරණාගතයන් ලෙස ඔස්ටේ‍්‍රලියාවට පැමිණ සිටින ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කටයුතු කරන සමහර ඔස්ටේ‍්‍රලියා නිලදරයන් සරණාගතයන්ට කන්දීමෙන් අනතුරුව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දැන් යුදමය තත්ත්වයක් නොමැති බවයි. ඔවුනට එරට පාඩුවේ ජීවත්විය හැකි බව ඔවුහු අවධාරණය කරති
යුද්ධය හා ජනවාර්ගික ගැටලු දඩමීමා කරගනිමින් ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වෙන්නට කැසකවන සරණාගතයන්ගේ මුසා බස්වලට ඔස්ටේ‍්‍රලියා නිලදරයන් පිළිතුරු දීමට සැදී පැහැදී සිටින බව දැන ගැනීමට ඇත. මේ අනුව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිට පැමිණියේයැයි ඔස්ටේ‍්‍රලියා නිලදරයන් මුලා කිරීමට වෙර දරන සමහර ශ‍්‍රී ලාංකිකයෝ ශ‍්‍රී ලංකා රජය අපකීර්තියට පත්කිරීමට උත්සහ කරති. සුදු වෑන් වලින් ගොස් පැහැර ගැනිම් අතුරුදන්වීම් හා මාධ්‍ය වේදීන් ඇතුළු අයට සිදුවන විවිධ සැහැසි ක‍්‍රියා දඩමීමා කරගනිමින් ශ්‍රි ලංකාවට එරෙහිව ගතු කීම නිසා ඔස්ට්‍රේලියා නිලදරයෝ ද වික්ෂිප්ත වි සිටිති. මේ වනවිට දේශපාලන මැරකම් හා පාතාල කටයුතුවල සම්බන්ධ දකුණේ ඇතැම් පුද්ගලයන්ද සරණාගතයින් ලෙස පෙනීසිටිමින් රැකවරණය පතන බව හෙළිවි ඇත. ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වෙන ඇතැම් ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රචාරය කරනුයේ සිංහලයන් වන මොවුනට ඔස්ටේ‍්‍රලියාවේ සැළකිල්ලක් නොමැති බවයි.

