උතුරේ දූෂිත ඇමතිවරු පන්නා දැමීමට නිර්දේශ


(සිරාජ් හසීම්)
 
වංචා දූෂන හා මූල්‍ය අක්‍රමිකතාවන් මෙන්ම බලතල අනිසි ලෙස හැසිරවීමේ චෝදනා එල්ල වන උතුරේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එම ධූරවලින් ඉවත් කර ඔවුනට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට    පත්කළ ත්‍රිපුද්ල කම්ටුව  නිර්දේශ කර ඇත.
 
මෙකී කමිටු වාර්තාව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා හෙට (06) පළාත් සභා සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මෙහිදී මෙම අමාත්‍යවරුන් දෙදෙනා අමාත්‍යධූර වලින් ඉවත් කිරීමටද තීරණය කරනු ඇතැයි පළාත් සභාවේ ආරංචිමාර්ග සදහන් කරයි.
 
පළාත් සභාවේ අමාත්‍යංශ පහ සහ ඒ හා අනුබද්ධ දෙපාර්තුමේන්තු හා ආයතන හරහා පසුගිය කල සිදුකර ඇතැයි කියන දූෂන වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේදී විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සහ විශ්‍රාමික දිසාපතිවරයෙකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. 
 
මෙම වාර්තාව පිටු 82කින් සමන්විතය.