උතුරේ කලබල සංසිඳේ


යාපනයේ පුංගුඩිතිව්හි දාහත් හැවිරිදි දැරිය ම්ලේච්ඡ ලෙස ඝාතනය සම්බන්ධයෙන් ගතවූ දෙදිනඋතුරේ ඇතිවූ කලහකාරී තත්ත්වය  සම්පූර්ණයෙන්ම පාලනය කළ බව අධිකරණ  අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා  අද (22) කීවේය.

දැරිය  ඝාතනයට සම්බන්ධ සැකකරුවන් එරෙහි නඩු විභාගය ඉක්මනින් විභාග කොට හැකි උපරිම  දඩුවම් ලබා දෙන බව දෙන  බවද අමාත්‍යවරයා කීය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදි ඇතිවු කලහකාරී සිද්ධිය ගැන පොලිසිය තවදුරටත්  පරීක්ෂණ  බවත් ඊට දේශපාලන සම්බන්ධයක් ඇද්දැයි රහස් පොලිසිය වෙනම පරීක්ෂණ සිදු කරන  බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ  ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ මාධ්‍ය  හමුවේදී  පැවසීය.

web