උතුරේ ඇමතිවරුන් දෙදෙනෙක් ගැන තීරණය කිරීමට විශේෂ රැස්වීමක්


(සිරාජ් හසීම්)

දූෂණ චෝදනා එල්ල වූ උතුරේ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව ගැන සාකච්ඡා කර දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය කුමක්ද යන්න තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ලබන සතියේ කැදවීමට නියමිතව ඇතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

උතුරු පළාතේ අමාත්‍යවරුන්ට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුව උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් සහ අධ්‍යාපන අමාත්‍ය ටී.ගුරුකුලරාජා යන අමාත්‍යවරුන් දෙදෙනාට එරෙහි චෝදනාවන් සාක්ෂි සහිතව සනාථ වී තිබෙන බව ප්‍රකාශ කළේය.

මෙම අමාත්‍යවරුන් දෙදෙනාගේ අමාත්‍යධූරද අහෝසිකළ යුතු බවත් මොවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගතයුතු බවත් එම වාර්තාව තුළින් නිර්දේශ කර තිබිණි.  

මේ සඳහා පළාත් සභා විවාදයක් ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත ය.
කෙසේ වෙතත් සිද්ධාර්ථන් මහතා පැවසූවේ මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඉවත් කරන්නේද නැතිද යන තීරණය ගැනීමේ බලය ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට නොව උතුරු මහ ඇමතිවරයා ප්‍රමුඛ පළාත් සභාවට බවයි.