උතුරේ අක්කර 1000ක් පදිංචිකරුවන්ට


වසර 27 කට පසුව යාපනය අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි ඉඩම් අක්කර 906ක් එහි මුල් පදිංචිකරුවනට  ලබා දීමට ඊයේ (11) දින යාපනය ආරක්‍ෂක අංශ විසින් පියවර ගත්තේය.

යාපනයේ පිහිටි ග‍්‍රාම නිලධාරි වසම් 9ක වැසියන්ට මෙසේ මුල් ඉඩම් ලබා දීමට පියවර ගත් අතර නව රජය බලයට පත් වීමේන් පසුව යාපනයේ ඉඩම් ගැටලූ විසඳීමට දුන් පොරොන්දුවේ එක් පියවරක් වශයෙන් මෙම ඉඩම් ආපසු දුන් බව යාපනය ආරක්‍ෂක අංශ කියයි.

මේ අනුව කන්කසන්තුරෙයි දකුණ, තෙලිප්පලෙයි, උතුරු පලෙයි, දකුණු පලෙයි, කට්ටුවාන්, තෙන්මයිලෙයි, වරුතවිල්ලාන් ,පලාලි දකුණ ,කෝපායි ,  වලෙයි ආදි ප‍්‍රදේශ වල මෙසේ ඉඩම් මුල් පදංචි කරුවන් වෙතට ලැබිණි.

03 04 05 06 08 10 11