(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරිහූ තමන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද (05) අනුරාධපුරයේ පළාත් සභා සංකිර්ණය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වුහ.
පසුගිය 2017 වසරේදි රැකියා විරහිත උපාධිධාරින් ගුරුවරුන් ලෙස බඳවා ගැනිමට සම්මුඛ පරික්ෂණයක් පවත්වා සුදුස්සන් තෝරා ගෙන කොටසක් ගුරු සේවයට බඳවා ගත්තද තවත් බොහෝ පිරිසක් බඳවා නොගත් බව මෙම රැකියා විරහිත උපාධිධාරිහු පවසති.
එසේ තිබියදි නැවත සම්මුඛ පරික්ෂණයක් පවත්වා ගුරුවරුන් බදවා ගැනීමේ සැලසුමක් පවතින බව පවසන ඔවුහු තමන් ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරතව සිටිති.


