උතුරුමැද ප්‍රබලයකුට ප්‍රශ්නයක් ?


උතුරුමැද පළාතේ ඡන්ද ප්‍රතිඵල  අනුව නොසිතූ දෙයක් සිදුවන්නට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි. පළපුරුදු දේශපාලනඥයකු අභිබවා කෝඩුකාරයකු ඉදිරියට එන ලකුණු පහළවීම මීට හේතුවයි. මෙම ප්‍රතිඵලයෙන් මහඇමති පදවියට ද බලපෑමක් ඇති කිරීමට යමක් වෙතියි එම ආරංචි මාර්ග කියයි. පළාත් තුනටම මහ ඇමති පදවිය නම් නොකළ රජය ඡන්දයට කළින් පැවසුවේ සුදුස්සාට මහ ඇමති කම ලැබෙන බවයි.