උතුරුමැද ඡන්ද අවහිරය ඉවත් වේ


උතුරුමැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවාහැරීම වළක්වමින් උතුරුමැද මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට එරෙහිව පනවා තිබූ වාරණය උතුරුමැද සිවිල් අභියාචනාධිකරණය අද ඉවත් කළේය. නිශ්ශංක බන්දුල කරුණාරත්න හා සරත් ගාමිණී එදිරිසිංහ විනිසුරුවරුන් පැවසූවේ මෙවැනි නඩුවක් විභාග කිරීමට සිවිල් අභියාචනාධිකරණයට බලයක් නැති බවයි. එක්සත් ජාතික පක්‍ෂයේ උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී අනිල් රත්නායක මහතා මේ පෙත්සම ගොනු කළේය.