උතුරු මැද හිටපු මහා ඇමැතිටත් නොතීසි


උතුරු මැද පළාත් සභාවේ වාහන දෙසීයකට අධික ප්‍රමාණායක් එහි හිටපු මහා ඇමැති ඇතුළු පිරිසකගේ ඡන්ද වැඩට යොදා ගනිතියි කියමින් ‘අනුරාධපුර අපි පුරවැසියෝ සංවිධානය ගොනු කළ පෙත්සමක් සලකා බැලූ උතුරු මැද අභියාචනාධිකරණ විනිසුරු සුනන්ද කරුණාරත්න මහතා හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ඇතුළු 13 දෙනකු ලබන 22 වැනි දා  උසාවියට කැඳැවමින් නියෝගයක් නිකුත් කෙළේය. ආණ්ඩුකාර ලේකම්, මහා ඇමැති ලේකම් ඇතුළු ප්‍රධාන නිලධරයෝ අධිකරණයට කැඳැවනු ලැබ සිටිති. අපි පුරවැසි සංවිධානය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා මේ පෙත්සම ගොනු කෙළේය.