උතුරු මැද විපක්ෂ නායක නෙල්සන්ගේ පුතා
උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස කිංග්ස් නෙල්සන් මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස චන්දිම ගමගේ මහින්දසෝම මහතාත් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇත.
පොළොන්නරුවෙන් තරග කළ නෙල්සන් මහතා වැඩිම මනාප ලබා ගත් අතර චන්දිම ගමගේ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය. නෙල්සන් මහතා හිටපු නියෝජ්‍ය ඇමැති එච්.ජී.පී. නෙල්සන් මහතාගේ ප්‍රත්‍රයෙකි.

