(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(26) උතුරු මැද පළාත් සභාව වටලා කඳවුරු බැඳගෙන සිටිති.
උතුරු මැද ගුරු පුරප්පාඩු සඳහා විභාගයට පෙනී නොසිටි, සුදුසුකම් නොලද වෙනත් පළාත්වල පිරිසකට අයථා අයුරින් පත්වීම් ලබාදීමට විරුද්ධව ඔවුහු මෙසේ සිය විරෝධය පළ කර සිටිති.
පළාත් සභාව අවට දැඩි පොලිස් රැකවල් යොදා ඇත.විරෝධතාකරුවෝ ගේට්ටු අවහිර කර විරෝධතාවයේ යෙදුණහ.






