උතුරු මැද පළාත් සභා ඡන්දෙට අතුරු තහනමක්


උතුරු මැද පළාත් සභාව විසිරවීම අතුරු තහනම් ආඥාවකින් අත්හිටවූ උතුරු මැද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මැයි 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස උතුරු මැද මහ ඇමැති, ආණ්ඩුකාර ඇතුළු 7 දෙනකුට නොතීසි නිකුත් කළේය. නඩුව විභාග කර අවසන් වනතුරු පළාත් සභාව නොවිසුරුවන ලෙස ඉල්ලමින් පළාත් සභාවේ එ.ජා.ප. මන්තී‍්‍ර අනිල් රත්නායක මහතා මෙම පෙත්සම ගොනු කළේය. නියමිත කාලයට පෙර උතුරු මැද ඇතුළු පළාත් සභා 3 ක් විසුරුවා ඡන්දයක් පැවැත්වීම රජයේ අදහස වී ඇත.