උතුරු මැද පළාත් සභා ඡන්ද වාරණය දික් කරයි


උතුරු මැද පළාත් සභාව නොවිසුරුවන ලෙස නිකුත් කළ වාරණය උතුරු මැද සිවිල් අභියාචනාධිකරණය අද යළිත් ජුනි 6 වැනි දා තෙක් දීර්ඝ කෙළේය. නිල කාලය තවත් වසර එකහමාරක් තිබියදී පළාත් සභාව විසිරැවීමට ගත් තීරණයට එරෙහිව එජාපය ගොනුකළ පෙත්සම යළි විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු බන්දුල නිශ්ශංක කරුණාරත්න මහතා පැවැසුයේ වාරණය ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන එදින ප්‍රකාශ කරන බවයි.