උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකිනවා : විදේශ අමාත්‍යාංශය


උතුරු කොරියාව ඉකුත් 3 වැනිදා කරන ලද න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළාදකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

එම අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ උල්ලංඝණය කරන බවත් කලාපයේත් ඉන් පිටතත් සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් යැයි ද විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ. 

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව ඉදිරියේදී මෙවැනි අත්හදා බැලීම්වලින් වැළැකී සිටින්නැයි උතුරු කොරියාවට බල කරන සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
“උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශවලට අනුකූලව කටයුතු කළ යුතුයි. එමෙන්ම සාකච්ඡා ආරම්භ කර ගැටලුවට සාමකාමී විසඳුමක් සෙවීම සඳහා කටයුතු කළ යුතුයි. සාකච්ඡා කිරීමෙන් සාමය උදා කරගත හැකි අතර එය උතුරු කොරියාවේ සහ කලාපයේ රටවල ජනතාවගේ සුබසිද්ධියට සහ සෞභාග්‍යයට හේතුවනු ඇත”.