(නිරෝෂණ ගොඩැල්ලගේ)
මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියට උතුරු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රථයක් ගැටී ඇතැයි පොලිසිය පවසයි.
එහි ගමන් කරමින් සිට ඇත්තේ රියදුරු පමණක් බවත් ඔහු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇති බවත් වාර්තාවේ. මෝටර් රිය ගැටීම නිසා දුම්රිය එන්ජිමේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නැවැත්වූ අතර එහි සිටි මගීන්ට ඉන්පසු පැමිණි ගාල්ල බලා යන මන්දගාමී දුම්රියේ ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසනු ලැබූ බව දුම්රිය පාලන අධිකාරිය පවසයි.

