යුද්ධයෙන් පසු උතුරු හා නැගෙනහිර ගවේෂණයකින් පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක 400 ට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මින් වැඩිම ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ උතුරෙනි. උතුරෙන් ස්ථාන 295 ක් හා නැගෙනහිරින් ස්ථාන 105 ක් පමණ සොයාගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා කියා සිටියේය.
යුද්ධයට පෙර උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන 59 ක් තිබූ බව දෙපාර්තමේන්තු පාලන වාර්තා දක්වයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අ`ගලේ සිතියමේ දැක්වෙන්නේ උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථාන 21 ක් පමණි.
ආචාර්ය දිසානායක මහතා මෙසේ කියයි.
‘ යුද්ධය අවසන් වූ වහාම ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කි්‍රයාත්මක කරන නිසා පුරාවිද්‍යාත්මක ස්ථාන මායිම් හඳුනාගැනීමට සිදුවුණා. ඒ වගේම 1972 න් පසු උතුරේ ඓතිහාසික ස්ථාන පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදුකැර තිබුණේම නැහැ.‘
ආචාර්ය දිසානායක පවසන්නේ උතුරේ යුද්ධය අවසන් වූ පසු එම මාර්ග සංවර්ධන අධිකාරියට පසුව උතුරට ගිය පළමු රාජ්‍ය නිලධාරී කණ්ඩායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කණ්ඩායම බවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා මෙසේ කියයි.
අපි කලින් හඳුනාගෙන තිබූ පුරාවිද්‍යාත්මක ස්ථාන පවා නිසි නඩත්තුවක් නොමැති කමින් විනාශ වෙමින් තිබුණා. අවසන් වරට කැණීමක් කර තිබුණේ 1984 වර්ෂයේ මාතොට වරායේ. ඇතැම් ඒවා යුද්ධය නිසා විනාශ වෙලා. වසර තිහකට පෙර නටඹුන් මත තිබූ පුංචි පැල දැන් රූස්ස ගස් වෙලා. මේ සියල්ල සංරක්ෂණය කළ යුතුයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යාපනයේ කොටුව, සංගානි පල්ලිය සහ පැරණි කච්චේරි ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කැර තිබේ.
උතුරේ සහ නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ගවේෂණය කිරීමේ කාර්යයට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේත් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කාන්ති විජේතුංග මහත්මියගේත් නොමද සහයෝගය ලැබුණු බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසයි.
මේ ගවේෂණ කාර්යයේදී දුක් ගැහැට විඳිම්න් බිම්බෝම්බ ඇතිරූ මහ කැලයේ කටු කොහොල් මැදින් අති දුෂ්කර වූ සේවයක යෙදුණු පිරිසක් සිටිති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර නිලධාරීන් වන කල්ප අසංග මහතා, වාසනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පුරාවිද්‍යා ගවේෂණ සහකාරවරුන් වන අයි.පී.එස්.නිශාන්ත මහතා, ඩී.ඩබ්ලිව්. නිමල් පද්මසිරි මහතා, ඡායාරූප ශිල්පීන්් වන අර්ජුන සමරවීර මහතා, පාලිත හේරත් මහතා සහ සෙල්ලිපි පිටපත් කිරීමේ කටයුතුවල නිරත ඩබ්ලිව්. ජයතිලක මහතා ඇතුළු පිරිස මේ සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් සිදු කළහ.
මෙම ගවේෂණයේ යෙදුණු කල්ප අසංග මහතා මෙසේ කීවේය. අපි දිගටම ගවේෂණ කටයුතු කරගෙන යනවා. තවමත් ඉතාමත්ම සුළු ප්‍රදේශයක පමණයි ගවේෂණය කළේ. වව්නියාවේ සියයට 80 ක ප්‍රදේශයක් ගවේෂණය කිරීමට ඉතිරිව තිඛෙනවා. මුලතිව් සියයට 30 ක්, යාපනයේ සියයට 30 ක්, ක්ලිනොච්චිය සියයට 60 ක් හා මන්නාරමේ සියයට 20 ක් තවදුරටත් ගවේෂණය කිරීමට ඉතිරිව තිඛෙවා. මේ නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල සොයා නොගත් පුරාවිද්‍යාත්මක ස්ථාන අතිවිශාල ප්‍රමාණයක් තවමත් සැ`ගවී තිඛෙන බව ස්ථීරයි.